
ගැරඬිඇල්ලේ අනතුරට හේතුව කාර්මික දෝෂයක් විය හැකියි
අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළී ගැරඬීඇල්ලේදී සිදුවූ බස් රථ අනතුරෙන් මියගිය පිරිස මේ වන විට 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් මෙම මාරක අනතුරට හේතු වන්නට හැකි බව අනතුර පිළිබඳ පරීක්‍ෂණ පවත්වන කොත්මලේ පොලිසිය සැක පළ කරනවා.
කෙසේ වෙතත් මේ අනතුරට හේතුව බස් රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක්ද එසේත් නොමැති නම් රියදුරුගේ නොසැලකිලිමත්කම ද යන්න පිළිබඳව සොයා බැලීමට පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්දික මනතුංග මහතා පැවසුවා.