කෝටි 46ක් වටිනා කුෂ් තොගයක් සමඟ 21 හැවිරිදි විදේස් තරුණියක් රේගු අත්අඩංගුවට

කෝටි 46ක් වටිනා කුෂ් තොගයක් සමඟ 21 හැවිරිදි විදේස් තරුණියක් රේගු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතික කාන්තාව ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිටව යමින් සිටිය දී ඊයේ (12) පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානයේ මෙම කාන්තාව පැමිණ ඇති අතර ඇයගේ ගමන් මලු 02 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.

අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම වැටලීම කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ සිදුකළ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේ.

Share This