
කළුතර වෙරළට ආ අමුත්තෝ
කළුතර දකුණ මුහුදු වෙරළට අද (14) පෙරවරුවේ ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා පැමිණි බව කළුතර නාවික ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
ගොඩගසා ඇති සත්වයින් හය දෙනාම කිසියම් අනතුරු වලට ලක්ව ඇති බව පශු වෛද්‍ය ඒකකය සදහන් කරයි.
ප්‍රදේශයේ මුහුද රළු ස්වභාවයක් ගෙන ඇති බැවින් බෝට්ටු මුහුදට යොමුකිරීම ගැටලු සහගතව ඇති බවද ජීවිත ආරක්ෂක නිළධාරීන් සදහන් කරයි.