“ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” අද ජනපති ප්‍රධානත්වයෙන්

“ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” අද ජනපති ප්‍රධානත්වයෙන්

දශක තුනක් පුරා පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ යුද ජයග්‍රහණය සිහිපත් කෙරෙන 16 වැනි “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” අද පැවැත්වෙයි.

ඒ, බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස 4ටයි.

කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිත අතර හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම සහ හමුදා සම්ප්‍රදායානුකූලව ගරු බුහුමන් දැක්වීම මෙහිදී සිදු කෙරේ.

මෙම රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුබසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරයි.

“ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” ට සමගාමීව බත්තරමුල්ල ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

Share This