ජාතික ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹේ

ජාතික ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹේ

අද (19) සිට ලබන 24 වැනිදා දක්වා වූ සතිය මදුරු මර්දන විශේෂ සතියක් ලෙස ප්‍රකාශනයට පත් කර තිබෙනවා.

මේ මාසයේ ගත වූ දින 17 තුළ දී ඩෙංගු ආසාදිතයන් 3,245ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා තිබෙනවා.

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේදී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.

ඩෙංගු ආසාදිතයන් 20,791කින් මේ දක්වා වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 10කි.

ඒ අනුව රට පුරා අවදානම් දිස්ත්‍රික්ක 15ක අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 95ක් ඉලක්ක කරමින් මේ සතිය තුළ දී මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසිය, ජනතාව යනා දී සියලුදෙනා එක්ව මෙම මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Share This