හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T56 ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T56 ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී ඊයේ (20) පොලිස් භාරයට ගන්නා ලද රන් පැහැති වර්ණයෙන් යුත් ටි56 වර්ගයේ ගිණි අවියක් සහ මැගසිනයක්  සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් අවුරුදු 40 හා 68 යන වයස්වල පසුවන බත්තරමුල්ල හා කොළඹ 06 ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

එම කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය කියා ඇත්තේ එම අවිය දරුවකු සෙල්ලම් කරමින් සිට තම මෝටර් රථයේ ඩිකයට දමා ඇති බවට සැක කරන බවත්, ඒ හේතුවෙන් එය රැගෙන මහල් නිවාසයට යන්නට ගිය බව ඇය ප්‍ර‍ශ්න කිරීම් හමුවේ පවසා ඇතැයි පොලීසිය කියයි.

මෙම කාන්තාව ගිනි අවියත් රැගෙන මහල් නිවාසයට ඇතුළු වන බවට එහි ආරක්ෂක නිලධාරියකු කළ දැනුම් දීම මත පොලිසිය එම ස්ථානයට ගොස් එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ තැනැත්තිය පැදවූ මෝටර් රථය බොරැල්ල සූසාන භූමිය ආසන්නයේද නතර කර තබා තිබී ඇති අතර එය අගුල් නොදමා තිබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අද (21) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවත්ත පොලීසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This