බස් රථයක් පෙරළීමෙන් බිහිසුණු අනතුරක් – 23ක් රෝහලේ

බස් රථයක් පෙරළීමෙන් බිහිසුණු අනතුරක් – 23ක් රෝහලේ

නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

එම මාර්ගයේ වංගුවක් ලබා ගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති බවයි.

අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි 23දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම බස් රථයේ ගමන්ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටයදී මෙම අනතුරට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ.

Share This