
ඊශ්‍රායල ප්‍රහාරයකින් එකම පවුලේ දරුවන් නව දෙනෙකු මරුට
ගාසා හි දකුණු ඛාන් යුනිස් නගරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් එකම පවුලේ දරුවන් නව දෙනෙකු මියගොස් තිබෙනවා.
වෛද්‍ය යුවළකගේ දරුවන් වූ ඔවුන් පිළිස්සුම් තුවාල හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
“ඛාන් යුනිස් ප්‍රදේශය භයානක යුද කලාපයක් ලෙස සැලකෙන අතර මියගිය දරුවන්ගේ අවමංගල්‍යය නසාර් නමැති රෝහලේදී සිදු කර තිබෙනවා.
කෙසේවෙතත් එම පවුලේ එක් දරුවෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
ඊශ්‍රායල විසින් එල්ල කරනු ලබන අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් ගත වූ පැය 24ක කාලය තුළ 79 දෙනෙකු මියගොස් තවත් 211 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.