
විදුලි බිඳ වැටීම් 1987 කෙටි අංකයට දැනුම් දෙන්න
දිවයිනේ ප්‍රදේශ රැසක් හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් රැසක් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව කඩිනමින් එම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ
ඒ අනුව, එවැනි බිද වැටීම් තිබේනම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ CEBCare ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා
මේ අතර ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම හේතුවෙන් නිවාසවලට ද හානි සිදුව ඇති බව සඳහන්