
බදු මුදල් වංචා නොකරන දේශපාලන ආදර්ශයක් අපි ගොඩනඟා තිබෙනවා (VIDEO)
ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන සහ නාස්ති නොකරන බවට වන සහතිකය තමා රටට ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා
ජනාධිපති අනුර කුමාර දසානායක මහතා මේ බව සඳහන් කළේ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “බදු ශක්ති” බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව අමතමින් .
එමෙන්ම, යම් දේශපාලනඥයකු හෝ රාජ්‍ය නිලධාරියකු එවන් ක්‍රියාවක නිරත වුවහොත් තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දීමට මැදිහත් වන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගෙවන බදු මුදලට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන්, ඊට එරෙහිව ක්‍රියාත්මක වූ කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරන බවද ඔහු එහිදී කියා සිටියා
“ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්”තේමාව යටතේ “බදු ශක්ති – ජාතික බදු සතිය” ආරම්භ කිරීමද මිට සමගාමීව සිදු කෙරුණා
වත්මන් රජය විසින් භාර ගනු ලැබුවේ නතර වූ රටක් බවත්, එම රට යළි පණ ගැන්වීම උදෙසා බදු යාන්ත්‍රණය විධිමත් කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා
එමෙන්ම රටක් ලෙස අපි පරිවාසයට ලක් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති විස්තීර්ණ ණය ගිවිසුම මෙරට ඒ ආකාරයේ අවසන් වැඩසටහන බවට පත් කර ගනිමින් ස්වෛරී ආර්ථිකයක් ගොඩනැගීමට එක් වන ලෙසද සියලු ජනතාවට මෙහිදී ආරාධනා කළා