2025ට දිවයිනේ වෙඩි තැබීම් 51කින් ජීවිත 30ක් අහිමි වෙයි

2025ට දිවයිනේ වෙඩි තැබීම් 51කින් ජීවිත 30ක් අහිමි වෙයි

2025 ට මේ දක්වා ගෙවුණ මාස 5ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිදුවීම් 51ක් වාර්තා වී තිබෙනවා.

ඉන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30 ක්.

එම වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 70,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කළ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 784 කට ආසන්න ප්‍රාණයක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,362 කට ආසන්න ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 7,787 කට ආසන්න ප්‍රමාණයක්, හෂීෂ් කිලෝග්‍රෑම් 291 කට ආසන්න ප්‍රමාණයක්, කොකේන් කිලෝග්‍රෑම් 22 කට ආසන්න ප්‍රමාණයක්, මත්පෙති දෙලක්‍ෂ විසි නවදහස් දෙසීය අනූ දෙකක (229,292) ප්‍රමාණයක් සිය භාරයට ගැනීමටයි ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත්තේ.

Share This