
බඩුත් එක්ක මාට්ටුවූ වයඹ මහ පරිමාණ මත්පැන් ජාවාරම
ජාතික බදු ශක්ති වැඩසටහනට මේ දිනවල රටපුරා ක්‍රියාත්මක වෙනවා.
ඒ වෙනුවෙන් ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතින පසුබිමක සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්ද ඉහල දමා ඇති බව වාර්ථා වෙනවා.
එවන් මෙහෙයුමක ඡායාරූප පෙළක් අපට ලැබී තිබෙනවා.
සමගාමීව සුරාබදු කොමසාරිස් ජනරාල්තුමාගේ උපදෙස් අනුව, මාදම්පේ සුරාබදු ස්ථානයේ පරීක්ෂකවරුන් නිති විරෝධී මත්පැන් නිෂ්පාදන මෙහෙයුමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්වුණා.
කලක පටන් වයඹ පළාත කේන්ද්‍ර කරගෙන තිබු මෙම ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු ඔත්තුවක් මතයි වැටලීම සිදුකර තිබෙන්නේ.
මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 02ක් වටලා නීතීවිරෝධී මත්පැන් හා උපකරණ ද සමගින් සැක කරුවන් පිරිසක්ද මේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තීරු බදු නොගෙවා ගෙනෙන ලද සිගරට් තොගයක්ද මෙහිදී සිය භාරයට ගත්බව ඔවුන් පැවසුවා.