හදිසියේ ගොඩ බැස්සවූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ මගීන් ඉන්දුනීසියාවෙන් පිටවයයි

හදිසියේ ගොඩ බැස්සවූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ මගීන් ඉන්දුනීසියාවෙන් පිටවයයි

කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ මේඩාන් ගුවන් තොටුපළට හදිසියේ ගොඩ බැස්සවූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිටි මගීන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත්වගියා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කළේ දෝෂයට ලක් වූ යානය යථාතත්ත්වයට පත් කිරීම ඉන්දුනීසියාව බලා ඉංජිනේරු කණ්ඩායමක් පිටත්ව ගිය බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සෙවයට අයත් ඹඛ 306 දරණ ගුවන් යානය , කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් සිංගප්පූරුව බලා පියාසර කරන අතර මගීන් 93 දෙනෙකු සමග ගුවන් යානයේ කාර්මික දෝෂයක් ඇති වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපතේ මේඩාන් ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමට ගුවන් නියමුවන් කටයුතු කළා.

ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන්යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගත වන බවට දැනුම් දීමත් සමඟ ගුවන් මගීන් එතෙක් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රී ලන්කන් බලධාරීන් තීරණය කළා.

ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අදාළ නිලධාරීන් සම්බන්ධ කර ගෙන ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මගීන්ට ගුවන්තොටුපලෙන් පිටතට පැමිණීමට ඉඩ ලබා නොදීමට එම ගුවන්තොටුපල බලධාරීන් කටයුතු කිරීමත් සමගඟ උණුසුම් තත්ත්වයක්ද හට ගත් බවද වාර්තාවුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ යානයේ සිටි මගීන් අදාළ ගමනාන්ත දක්වා රැගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක කළබවයි.

මේවනවිට මගීන් ඒ අනුව තම ගමනාන්ත දක්වා ගමන් තිබෙනවා.

ජත්‍යන්තරයේද අවධානය යොමුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මැදිහත්වීම හා මගීන් වෙනුවෙන් ලබාදුන් පහසුකම් මෙන්ම අදාළ සේවා වෙනුවෙන් ගුවන් සේවය පිලිබඳ ඉහළ ප්‍රසංශාද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

Share This