
“අනුබුදු දහමින් ලොව ම නිවේවා” පොසොන් සතිය ඇරඹෙයි
පොසොන් සතිය අද සිට ආරම්භ වනවා.
ඒ අනුව රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව අද සිට ලබන 13 වැනිදා දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අනුබුදු දහමින් ලොව ම නිවේවා යන තේමාව පෙරදැරි කර ගනිමින් 2333 වන ජාතික පොසොන් උත්සවය මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි පැවැත්වෙන්නේ.
අනුරාධපුර පූජා නගරය, තන්තිරිමලය හා මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක පොසොන් සතිය තුළ විවිධ ආගමික වැඩසටහන් රැසක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.
පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුර නගරයට පැමිණෙන ජනතාවගේ පහසුව සදහා විශේෂ යෙදවුමක් ද හදුන්වා දී ඇති අතර ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.
මේ අතර පොසොන් උත්සවයට සමගාමීව මේ වනවිට දන්සැල් 4622 ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.