
විදුලිබල මණ්ඩලයට අනවශ්‍ය දේවල් පෙන්නන්න ගිය අන්කල්ට වැඩ වැරදී
වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්දි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට බාධා කළ පුද්ගලයෙක් වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා නිවසේ පුද්ගලයා විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්දි කිරීමට විදුලිබල සේවකයින් පැමිණ අවස්ථාවේ දී ඔවුන්ට කැත්තක් රැගෙන පහරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව වීදුලි සේවකයින් එම නිවසේ විදුලිය විසන්ධි කිරීමත් සමග උරණ වූ නිවෙස් හිමි පුද්ගලයා තමන් ඇද සිටි කලිසම ගලවා පසුපස ප්‍රදේශය විදුලිබල සේවකයිට පෙන්වා අශෝභන ලෙස හැසිරී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නිලධාරීන් වැල්ලවාය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.