
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන එච්.එම්. වෙන්කටේෂ් විසින් කබ්බන් පාර්ක් පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ, කෝලි, IPL හරහා සූදුව ප්‍රවර්ධනය කිරීම සහ ඛේදවාචකයට සම්බන්ධ පිරිස උසිගැන්වීම සම්බන්ධයෙන් යන චෝදනා එල්ල කර ඇති බව සඳහන්.
මෙම ඛේදවාචක සම්බන්ධයෙන් බැංගලෝර් අධිකරණය ඊයේ (06) රෝයල් චැලෙන්ජස් බැංගලෝර් නිලධාරී නිඛිල් සොසාලේ සහ ඉසව් කළමනාකරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අධිකරණ භාරයට පත් කර තිබෙනවා.
මේ අතර මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසු බැංගලෝර් පොලිස් කොමසාරිස් බී.දයානන්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කරනු ලැබුවා.
2025 IPL ශූරතාව රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම හිමිකර ගැනීමත් සමඟ කණ්ඩායම පිළිගනිම වෙනුවෙන් බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේ උත්සවයක් සංවිධානය කර තිබුණා.
එම උත්සවය වෙනුවෙන් ප්‍රේක්ෂකයින් චින්නස්වාමි ක්‍රීඩාංගණයට ඇතුල්වීමට උත්සාහා කිරීමේ දී ඇති වූ තෙරපීම්වලින් 11 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.