
පළාත් පාළන ආයතන කිහිපයක බලය විපක්ෂයට
විපක්ෂයට බහුතරය හිමි අකුරණ සහ උඩුබද්දාව යන පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමට විපක්ෂ කණ්ඩායම් අද සමත්වුණා.
මේ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලය නොලැබීම හමුවේ බල අර්බුදයක් උද්ගතව ඇති කොළඹ මහ නගර සභාව ද ලබන 16 වෙනිදා රැස්වීමට නියමිතයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අකුරණ ප්‍රාදේශිය සභාවේ ජය තහවුරු කර ගත් සමගි ජන බලවේගය අද එහි බලය තහවුරු කරගැනීමට සමත්වුණා.
ඒ සභිකධූර 13 ක් හිමිකර ගනිමින්.
එහිදී ජාතික ජන බලවේගය සභිකධූර 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් අංක 02 ක සභිකධූර දෙකක් හිමිකරගෙන තිබුණා.
——-
මේ අතර මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභිකධූර 09 ක් හිමිකර ගනිමින්, ජයග්‍රහණය කළ උඩුබද්දාවේ ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුණා.
එම ප්‍රාදේශීය සභාවේදී සමගි ජන බලවේගයට සභිකධූර 06 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභිකධූර 03 ක් සහ එක්සත් ජාතික පක්ෂයට එක් සභිකධූරයක් හිමිව තිබූ අතර එහිදී සමස්ථ විපක්ෂයේ සභිකධූර සංඛ්‍යාව 10 ක් බවට පත්වුණා.
ජාතික ජන බලවේගයට හිමිවුනේ ඡන්ද 09 ක් පමණයි.
——
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ බලයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුණා.
සභාපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජේසිරි ඒකනායක මහතාට පක්ෂව ඡන්ද 25 ක් ලැබුණු අතර ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයාට හිමිවුණේ ඡන්ද 21 ක් පමණයි.
අනතුරුව කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට උප සභාපතිවරයෙක් තෝරාපත් කර ගැනීමටද ඡන්ද විමසීමක් පැවැති අතර එහිදී සමගි ජන බලවේගයේ මොහොමඩ් කාසිම් ඉරුෆාන් මහතා උප සභාපති ලෙස තේරීපත්වුණා.
——
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂය වැඩි බහුතරයක් හිමිකර ගත් මහනුවර – කඩුගන්නාව නගර සභාවේ බලය තහවුරු කර ගැනීමටද සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය අද සමත්වුණා.
ඒ අනුව අද පැවැති ඡන්ද විමසීමේදී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්, සමගි ජන බලවේගයේ ලක්ෂිත අබේරත්න මහතා නගරාධිපතිවරයා ලෙස තේරීපත්වුණා.
——-
හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිධූරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිවුණා.
ඒ අනුව ඡන්ද 11 ක් හිමිකර ගනිමින්, ජගත් කුමාර රාජපක්ෂ මහතා සභාපතිධූරයට පත්වූ අතර උපසභාපතිධූරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතා හිමිකරගෙන තිබෙනවා.