
එයාර් ඉන්දියා අනතුර දා ඉන්දියා චිත්‍රපට අධ්යක්ෂ අතුරුදන්
ලොවම කම්පා කළ එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ දින සිට, එම ප්‍රදේශය අසලින් ගමන් කරමින් සිටි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන නරෝඩා හි පදිංචි මහේෂ් කලවාඩියා හෙවත් මහේෂ් ජිරාවාලා අතුරුදන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
ඔහුගේ දුරකථනය හමුවී ඇත්තේ අනතුර සිදු වූ ස්ථානයට මීටර් 700ක් දුරින් තිබියදීයි.
කෙසේ වෙතත් අනතුරට ලක්වූ අය අතර ඔහුගේ සිරුර ඇත්දැයි පරීක්ෂා කිරීම සදහා පවුලේ සාමාජිකයින් DNA සාම්පල ඉදිරිපත් කර තිබෙනවා.
මේ වන විට ජීවිත 270 ක් බිලිගෙන ඇති අහමදාබාද්හි එයාර් ඉන්දියා ගුවන් යානයේ AI-171 ඛේදජනක අනතුරෙන් දින තුනකට පසු, රෝහල් බලධාරීන් ඉරිදා DNA ගැලපීම මගින් වින්දිතයින් 47 දෙනෙකු හඳුනා ගැනීම තහවුරු කළා.