
ඊශ්‍රායල් – ඉරාන ගැටුම් උත්සන්න වෙයි
ඉරාන අගනුවර වන ටෙහෙරානය මත “පූර්ණ ගුවන් මෙහෙයුම් පාලනය” ඇති බව ඊශ්‍රායලය පවසනවා.
ඔවුන් මේ ප්‍රකාශය සිදුකලේ සිය රටට ප්‍රහාර දියත් කිරීමෙන් දින හතරකට පසුවයි.
ඊශ්‍රායලය, පවසන්නේ තම ගුවන් හමුදාව එක රැයකින් ප්‍රහාර රැල්ලක් සිදු කළ බවයි.
නමුත් ගුවන් ආධිපත්‍යය යනු සියල්ල නො වන බව සනාථ කරමින් ඉරාන මිසයිල නැවතත් එක රැයකින් ඊශ්‍රායලයේ යකඩ ගෝලාකාර ආරක්ෂක පද්ධතියට විනිවිද යමින් එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවකින් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිකුරාදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරනවා.
බී.බී.සී. සේවය වාර්තා කළේ ඊශ්‍රායලයේ පෙටා ටික්වා නගරයේ මහල් 20 ක ගොඩනැගිල්ලකට මිසයිලයක් වැදීමෙන් රාත්‍රියේ අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් ඇති නවයි.
ඉරාන රජයේ ප්‍රකාශකයෙක් පවසන්නේ නගරයෙන් ඉවත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ඊශ්‍රායල පණිවිඩ ,සතුරාගේ මානසික මෙහෙයුම්වල, කොටසක් බවයි.
ඊශ්‍රායල හමුදාව අවි නිෂ්පාදන පහසුකම් අසල ජීවත් වන ඉරාන ජාතිකයින්ට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඉල්ලා ඊයේ ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා’
දැනගන්නට ඇති පරිදි ටෙහෙරානයේ නගරයෙන් පිටතට යන මාර්ගවල තවමත් දැඩි තදබදයක් පවතින අතර ඊයේ මෙන් ඉන්ධන සඳහා ජනතාව පෝලිමේ සිටින බව ද වාර්තා වුණා.
මෙම ගැටුම් උත්සන්න වීමත් සමග ලෝක වෙළෙදපළේ බොරතෙල් මිල ඉහළ යමින් පවතින බවද වාර්තා වුණා.