
ක්ලීන් ශ්‍රී ලංකා ත්‍රීරෝද රථ ක්ලීන් කරන්න යයි
සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහි මුලික සාකච්ඡාවක් ඊයේ ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ දී පැවති බවයි.
ඒ අනුව මෙම වර්ෂයේ දී දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙහිදි ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදීම, රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන පරිදි සේවා සැපයීම යන කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිතයි.