එක්සත් ජනපද ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදු වූ හානිය කුමක්ද?

එක්සත් ජනපද ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදු වූ හානිය කුමක්ද?

එක්සත් ජනපද ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදු වූ හානිය කුමක්ද?

නැතහොත් තුවාල හෝ ජීවිත හානි සිදුවී තිබේද යන්න තවමත් පැහැදිලි නැත.

ඉරානයේ රාජ්‍ය විකාශක නියෝජ්‍ය දේශපාලන අධ්‍යක්ෂ හසන් අබෙදිනි පැවසුවේ ඉරානය මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුන “මීට ටික කලකට පෙර” ඉවත් කර ඇති බවයි.

රාජ්‍ය රූපවාහිනියේ පෙනී සිටි ඔහු පැවසුවේ ඉරානයට “ද්‍රව්‍ය දැනටමත් ඉවත් කර ඇති නිසා විශාල පහරක් එල්ල නොවූ” බවයි.

“න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති” බව රූපවාහිනී දේශනයේදී ට්‍රම්ප් පැවසුවා.

නමුත් බීබීසී ප්‍රවෘත්ති නාලිකාවට කතා කරමින්, හිටපු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් මාර්ක් කිමිට් වඩාත් සුපරීක්ෂාකාරී වූයේ දේශපාලන-මිලිටරි කටයුතු පිළිබඳවයි.

“එය සදහටම විනාශ වී ඇති බව යෝජනා කිරීමට ක්‍රමයක් නැහැ,” ඔහු එහිදී පැවසුවා.

ඊශ්‍රායලය සමඟ ඔවුන්ගේ නවතම ප්‍රහාරක වටය ආරම්භ වූ දා සිට 200 කට ාධික පිරිසක් මිය ගොස් 1,200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඉරානය පවසනවා.

මේ අතර, ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලය ආරක්ෂාව තර කරමින් සිටී.

ඊශ්‍රායලය රට පුරා මහජන ආරක්ෂක සීමාවන් දැඩි කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පැවසීය.

“අධ්‍යාපන කටයුතු, රැස්වීම් සහ සේවා ස්ථාන තහනම් කිරීම” ඇතුළුව මෙම නව තීරණ ගැනීම සිදුවන්නේ එක්සත් ජනපදය ඉරානයට පහර දීමෙන් පසුවයි.

මෙම මෙහෙයුම “විශිෂ්ට මිලිටරි සාර්ථකත්වයක්” ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන අතර, ඉරානයට ” සාමය ඇති කර ගන්න. නැතහොත් වඩා විශාල ප්‍රහාරවලට මුහුණ දෙන ” ලෙස අනතුරු අඟවයි.

 

Share This