
සියම් දහම් පාද යාත්‍රාව දහතුන් වන දිනටත් වීථි සංචාරයේ
ස්වර්ණ වර්ණ පොසොන් සැමරුම සහ සියම් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් හි හැත්තෑ වසරක අභිමානය වෙනුවෙන් සංවිධාන කෙරෙන සියම් දහම් පාද යාත්‍රාව අද (22) දහතුන් වන දිනටත් වීථි සංචාරය කෙරෙනවා.
පාහියන් බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වයෙන් පැවැත්වෙන එම විසල් පාද යාත්‍රාව උදෙසා බැතිබර මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.
සිරිලක බෞද්ධ සැදැහැතියන්ට ප්‍රතිපත්ති පූජාවෙන් මහත් පින් ලැබ ගන්නට ඉවහල් වන සියම් දහම් පාද යාත්‍රාව අද උදෑසන හික්කඩුව ශ්‍රී සීලක්ඛන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කළා.
එලෙස ගමන් ඇරඹි සියම් දහම් පාද යාත්‍රාව අද පස්වරුවේ ගමනාන්තය වන අම්බලන්ගොඩ සිරි විජයාරාමය දක්වා පැමිණීමට නියමිතයි.