මාස 6 ට ඩෙංගු මරණ 15 යි – රෝගීන් 27, 573 ක්

මාස 6 ට ඩෙංගු මරණ 15 යි – රෝගීන් 27, 573 ක්

මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 27, 573 දෙනෙකු වාර්තා වී, ඩෙංගු මරණ 15ක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඩෙංගු රෝගයේ වැඩිම බලපෑම එල්ල වී ඇති බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 12 337ක් බවයි.

ඩෙංගු රෝගයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර වැඩිම ඩෙංගු අවදානම පවතින ප්‍රදේශය ලෙස ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය හදුනාගෙන තිබෙනවා.

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය 20වැනිදා සිට ලබන 30 වැනිදා දක්වා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල දින 10ක ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මකයි.

Share This