බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල හල්ගහ කුඹුර වත්ත (ඩම්ප්එක වත්ත) ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද (24) පස්වරු 5.45 ට පමණක් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

T-56 ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාර අටක් පමණක් එල්ල කර ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි ප්‍රහාරයත් සමග එම පුද්ගලයා දිව ගොස් දිවි බේරා ගෙන තිබේ.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලියන් සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.

Share This