මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අදහස

මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අදහස

මැදපෙරදිග කලාපයේ ආරක්ෂක හා දේශපාලන තත්ත්වය මඳක් සාමකාමීවීමත් සමඟ, ශ්‍රී ලංකා රජය එම කලාපයේ රටවල් සමඟ සාමාන්‍ය පරිදි රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසන්නේ ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා අවස්ථා යළි ආරම්භ වීමට කටයුතු සූදානම් කරන අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත ටෙහෙරානයේ පිහිටුවීම සඳහා අවශ්‍ය පියවරයන් ගනිමින් සිටින බවයි.

මේ සඳහා එම රටවල අපගේ දූත මණ්ඩල, ආයතන සහ පාර්ශ්වකරුවන් සමඟ සමීප සබදතාවකින් කටයුතු සිදු කරමින් සිටින බව අමාත්‍යාංශය නිවේදනය කරනවා.

කලාපීය රටවල්, ආයතන සහ අදාළ  නියෝජිතයන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් තබාගනිමින්, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්  ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමට අපි කටයුතු කරන බවට දේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහතික වනවා.

 

Share This