සියම් දහම් පාද යාත‍‍‍්‍රාව 19 දිනටත් වීථි සංචාරය  කරමින් අංගොඩ මණ්ඩාවිල අභය සුමනාරාමය දක්වා

සියම් දහම් පාද යාත‍‍‍්‍රාව 19 දිනටත් වීථි සංචාරය කරමින් අංගොඩ මණ්ඩාවිල අභය සුමනාරාමය දක්වා

ස්වර්ණ වර්ණ පොසොන් සමරුම සහ සියම් ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍‍‍්‍රික සබඳතාවන් හි හැත්තෑ වසරක අභිමානය වෙනුවෙන් සංවිධාන කෙරෙන සියම් දහම් පාද යාත‍‍‍්‍රාව අද (28) 19 දිනටත් වීථි සංචාරය කෙරෙනවා.

පාහියන් බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වයෙන් පැවැත්වෙන එකී විසල් පාද යාත‍‍‍්‍රාව උදෙසා බැතිබර මාධ්‍ය අනුග‍‍‍්‍රහය දක්වන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.

19 දිනට අද උදෑසන ගමන් ආරම්භ කළේ නුගේගොඩ ශ‍්‍රී විජයාරාම රාජ මහා විහාරයේ සිටයි.
චමෝද් විජේරත්න – ලයිව් ඇට් ශ‍්‍රී ලංකා වෙනුවෙන්

එලෙස ගමන් ඇරඹි සියම් දහම් පාද යාත‍‍්‍රාව අද පස්වරුවේ ගමනාන්තය වන අංගොඩ මණ්ඩාවිල අභය සුමනාරාමයට පැමිණෙනු ඇති.

එකී මාවතේ සමාධි සිත් පෙරදැරිව වැඩමවන උතුම් මහා සංඝරුවනට දන් පැන් ගිලන්පස පූජා කරමින් ප‍‍‍්‍රතිපත්ති පූජාවේ අනුසස් ලබන්නටත්, සාධුකාර දී ආශීර්වාද ලැබගන්නටත් පහන් සිතින් එක්වන්නට සැදැහැති ඔබ සැමට බැතිබර අරාධනා.

Share This