ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක යුද අපරාධ සෙවීමට දුන් අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට යයි

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක යුද අපරාධ සෙවීමට දුන් අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට යයි

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය පවසන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ඇතුළු රටවල් අයත් බවයි.

එක්සත් ජනපදයේ අය-වැය කළමනාකරණ කාර්යාලය පවසන්නේ විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගකීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට නිර්දේශ කර ඇති බවයි.

මෙය නිර්දේශයක් පමණක් වන අතර අවසන් තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එක්සත් ජනපදයේ අය-වැය කළමනාකරණ කාර්යාලය උපුටා දක්වමින් ධවල මන්දිරය නිවේදනය කරන්නේ.

රොයිටර් පුවත් සේවය පවසන්නේ අමෙරිකානු රජයේ අභ්‍යන්තර වාර්තාවලට අනුව මියන්මාරය, සිරියාව, ඉරාකය, ශ්‍රී ලංකාව සහ රුසියාවද එම රටවල් අතරට අයත් බවයි.

යුද අපරාධ ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට මෙන්ම එක් එක් රටවල් ඒ සඳහා වන වගවීමේ වැඩසටහන්වලටද ඉල්ලීම් කර ඇති අරමුදල්ද මෙම නිර්දේශය හමුවේ තාවකාලිකව අත්හිටුවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

එක්සත් ජනපද අයවැය කළමනාකරණ කාර්යාලය උපුටා දක්වමින් ධවල මන්දිරය නිවේදනය කරන්නේ රුසියානු සහ යුක්‍රේන යුද්ධයේදී මෙන්ම ලොව පුරා ඇතිව තිබෙන යුදමය තත්ත්වයන් බොහෝමයකට අමෙරිකාවෙන් අරමුදල් ඉල්ලා ඇති පසුබිමක මෙලෙස සිය රටේ අයවැය කළමනාකරණය කර ගැනීම සඳහා මෙලෙස නිර්දේශ නිකුත් කර ඇති බවයි.

Share This