
පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හමුදාවේ 13 ක් මරුට
පාකිස්ථාන, තලේබාන් සංවිධානය විසින් සිදු කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සොල්දාදුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඒජන්සි පුවත් පැවසුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් හමුදා රථ පෙළක ගැටීමට සැලැස්වීමෙන් මෙම පිපිරීම සිදුකර ඇති බවයි.
පිපිරීමෙන් සොල්දාදුවන් 13 දෙනෙකු මිය ගිය අතර, හමුදා නිලධාරීන් 10 දෙනෙකු සහ සිවිල් වැසියන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
“පිපිරීමෙන් නිවාස දෙකක වහල කඩා වැටී ළමුන් හය දෙනෙකු තුවාල ලබා ඇති බවට ද වාර්තා පලවුණා.
පළාතේ පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ සිද්ධියෙන් තුවාල ලැබූ සොල්දාදුවන් සිව් දෙනාගේ තත්ත්වය බරපතල බවයි.
පාකිස්ථාන තලේබාන් සංවිධානයේ කන්ඩායමක් වන හෆීස් ගුල් බහදූර් සන්නද්ධ කණ්ඩායමේ මරාගෙන මැරෙන බෝම්බ අංශය ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබෙනවා.