
කලම්බු ඩොක්යාඩ් සමාගම ඉන්දියාවේ රාජ්‍ය සමාගමකට ලබාදීමට එරෙහිව පාර්ශ්ව රැසක විරෝධය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලම්බු ඩොක්යාඩ් සමාගම ඉන්දියාවේ යුද නෞකා සහ සබ්මැරීන නිපදවන රාජ්‍ය සමාගමකට ලබාදීමට එරෙහිව පාර්ශ්ව රැසක් සිය විරෝධය පළ කරනවා.
කෙසේ වෙතත් එම ඉන්දීය රාජ්‍ය සමාගම නිවේදනය කරන්නේ අදාළ ආයෝජනය සිදුකිරීම සඳහා සිය අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතිය ද මේ වනවිට ලබාගෙන ඇති අතර, මෙම උපායමාර්ගික ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 53කට ආසන්න වන බවයි.
1974 වසරේ ජුනි මස 14 වැනි දින සංස්ථාගත කරන ලද කලම්බු ඩොක්යාඩ් සමාගම ප්‍රධාන වශයෙන් නැව් තැනීමේ සහ නැව අලුත්වැඩියා කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින මෙරට ප්‍රධාන ආයතනයක්.
එම ආයතනයේ ආයෝජකයා තීරණය කර ඇත්තේ ජපානය සතුව තිබූ එම සමාගමේ කොටස් බහුතරය අලෙවි කිරීමටයි.
ඒ අනුව එම ආයතනයේ කොටස් මිලදී ගැනීමට ඉන්දීය රාජ්‍ය සමාගමක් තීරණය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ 1774 වසරේ පිහිටුවන ලද මැසගොන් ඩොක්ෂිප් බිල්ඩර්ස් ලිමිටඩ් ආයතනයයි.
එය යුද නැව්, සබ්මැරීන, භාණ්ඩ සහ මගී නැව් තැනීමේ ප්‍රමුඛ ආයතනයක් වන අතර, එමඟින් යාත්‍රා 800කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවා.
මෙම උපාය මාර්ගික ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 52.96 නොඉක්මවනු ඇති අතර, එය වත්මන් විනිමය අනුපාතය අනුව ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 452ක්.
මෙම කොටස් අත්පත් කරගැනීම සාර්ථකව නිම කිරීමෙන් පසු කලම්බු ඩොක්යාර්ඩ් සමාගම නිල වශයෙන් මැසගොන් ඩොක්ෂිප් බිල්ඩර්ස් ලිමිටඩ්හි අනුබද්ධිත ආයතනයක් බවට පත්වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම අදාළ කටයුතු මාස 6ක් තුළ අවසන් කිරීමටද අපේක්‍ෂිතයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලම්බු ඩොක්යාඩ් සමාගම ඉන්දියාවේ යුද නෞකා සහ සබ්මැරීන නිපදවන රාජ්‍ය සමාගමකට ලබාදීමට එරෙහිව පාර්ශ්ව රැසක් සිය විරෝධය පළ කරනවා.