
ගායන ශිල්පී ඉෂාක් බෙග් බලන්න සංස්කෘතික ඇමති ගිහින් කළ දේ
රෝගාතුරව සිටින ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත අද (29) පස්වරුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගොස් තිබෙනවා.
එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් ප්රදානය කෙරුණු රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරිනමා තිබෙනවා.