රුසියාව යුක්රේනයට එරෙහිව ඩ්‍රෝන යානා 477ක් – මිසයිල 60 ක “විශාලතම” ගුවන් ප්‍රහාරයක් දියත් කරයි

රුසියාව යුක්රේනයට එරෙහිව ඩ්‍රෝන යානා 477ක් – මිසයිල 60 ක “විශාලතම” ගුවන් ප්‍රහාරයක් දියත් කරයි

රුසියාව එක රැයකින් යුක්රේනයට එරෙහිව සිය විශාලතම ගුවන් ප්‍රහාරය දියත් කළ අතර, යුක්රේන නිලධාරීන්ට අනුව, එම ප්‍රහාර වලින් දරුවෙකු ඇතුළුව අවම වශයෙන් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මොස්කව් විසින් යුක්රේනයට ගුවන් අවි 537ක් එල්ල කළ අතර, ඉන් ඩ්‍රෝන 477ක් සහ මිසයිල 60 ක් ඇතුලත්ව තිබුණා.

මෙයින් 249ක් වෙඩි තබා බිම හෙළන ලද අතර 226 ක් වැළැක්වීමට නොහැකි වී තිබෙනවා.

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි X හි සටහනක සඳහන් කළේ, උත්සන්න වූ බෝම්බ හෙලීමේ ව්‍යාපාරය වසර 3ක් පැරණි යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ බලාපොරොත්තු තවදුරටත් බිඳ දැමූ බවයි.

බෝම්බ හෙලීමෙන් නිවාස සහ යටිතල පහසුකම් වලට හානි සිදු වූ බවත්, ප්‍රහාරය මැඩපැවැත්වීමේ දී යුක්රේනය යුද්ධයේ ආරම්භයේ සිට එරට තුන්වන F-16 ප්‍රහාරක ජෙට් යානය අහිමි වූ බවත් සෙලෙන්ස්කි සඳහන් කළා.

 

Share This