මතුගම ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරියක් ගිවිසුම් කඩකිරීමට එරෙහිව පොලීසි යයි

මතුගම ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරියක් ගිවිසුම් කඩකිරීමට එරෙහිව පොලීසි යයි

මතුගම ප්‍රාදේශ සභාවට ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයින් කිහිපදෙනෙක් මතුගම පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ ස්වාධීන කණ්ඩායම් නායක කසුන් මුණසිංහ, තමන් හට අපේක්ෂකත්වය ලබාදෙන අවස්ථාවේ නීතීඥයෙකු ඉදිරිපිට අත්සන් තැබූ ගිවිසුමට පටහැනිව කණ්ඩායම් නායකයා කටයුතු කරන බවට චෝදනා කරමින්.

එම ගිවිසුම අනුව කිසිම හෙයකින් ඡන්දයෙන් ස්වාධීන කණ්ඩායම් යම් අපේක්ෂකයෙක් ජයග්‍රහණය කර මතුගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරයිද , කිසිවිටකත් සමගි ජන බලවේගයේ පා.ම. ජගත් විතාන සමග සම්බන්ධකම් ඇති නොකර එම පක්‍ෂයටද සහය නොදී ස්වාධීන කටයුතු කරන ලෙසට එකග වූ බව ඔවුන් පවසනවා.

එසේම මන්ත්‍රී ජගත් විතාන සමග සම්බන්ධකම් පවත්වන අය ස්වාධීන කණ්ඩායම් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවත් එම ලියවිල්ලේ සඳහන් වී ඇති බව පැමිණිල්ල සිදුකල මන්ත්‍රීවරුන් පොලීසියට කළ පැමිණිල්ලේ සදහන්.

මතුගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් නායක මේ වන විට පාර්ලිමේන්තුරු මන්ත්‍රී ජගත් විතාන මතාගේ කණ්ඩායමට සහය දීමට ඉදිරිපත් වී ඇති පසුබිමකයි සෙසු මන්ත්‍රීවරුන් සිය විරෝධය දක්වා ඇත්තේ.

කොන්දේසි උල්ලංඝනය කිරීම පිළිබඳවත් එම ගිවිසුම මගින් තමන්ට අසාධාරණයක් වී ඇති බවත්, ස්වාධීන කණ්ඩායමෙන් තරඟ වැදුණු H.H.K.D. ප්‍රියංකා මහත්මිය පැවසුවා.
ඇය සදහන් කළේ තමන් සමග තව දෙදෙනෙකු මතුගම පොලිසිය වෙත මෙම අසාධාරණය පිළිබඳව පැමිණිල්ලක් ගොනු කළ බවයි.

මෙම පැමිණිල්ල ගොනුකර අවසන් වූ තමන් හට දුරකථනයෙන් කතා කළ කසුම් උණුසිංහ ගේ මිත්‍රයකු තමන් හට තර්ජනය කළ බවත් ඇය වැඩිදුරත් කියා සිටියා.

 

Share This