
අද සිට ඩෙංගු මදුරු මර්ධනයට සතියක මෙහෙයුමක්
ජාතික මදුරු මර්දන සතිය අද සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද සිට එළැඹෙන ජූලි 05 දක්වා මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පසුගිය දිනවලදී ඇදහැළුණු වර්ෂාපතනය හමුවේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගිය බවත් එම තත්ත්වය තුළ මේ වන විට සෑම සතියකම ඩෙංගු රෝගීන් 1,500ක් පමණ වාර්තා වන බවත් නිවේදනක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම මෙම වසරේ අවසාන මාස 05 තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක තුළ වන අතර අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,175ක් සහ මැයි මාසයේදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 6,025ක් වාර්තා වුණා.
ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මගින් ක්‍රියාත්මක කෙරෙන ජාතික මදුරු මර්දන සතිය අද සිට ජූලි 05 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
දිස්ත්‍රික්ක 16 ක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශ 17 ක් ආවරණය වන පරිදි මෙම විශේෂ මදුරු මර්දන ව්‍යාපාරය වැඩසටහන් දෙකක් ලෙස දින 06 ක් පුරා ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව අදින් ආරම්භ වන මෙම මදුරු මර්දන වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදා , පොලිස් සහ රාජ්‍ය නොවන සහ ප්‍රජා මූලික සංවිධානවල සහාය ඇතිව ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම ජාතික මදුරු මර්දන සතියේදී නිවාස, රජයේ සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් ස්ථාන ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය සේවා නිළධාරීන් විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම මදුරු මර්දන වැඩසටහන පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.