
විදුලිබල (සංශෝධන)” පනත් කෙටුම්පතට සහ තවත් පනත් කෙටුම්පත් දෙකකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සංශෝධන
“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” පනත් කෙටුම්පත, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) නමැති පනත් කෙටුම්පත් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන ලද තීන්දුව කථානායකවරයා වෙත ලැබී ඇති බව පළමුව යෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අද (30) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” පනත් කෙටුම්පත සම්බන්ධයෙනුයි.
එකී තීන්දුව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පහත පරිදි සාරාංශගත කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළා.
• 8(2) වගන්තියෙහි සඳහන් කමිටුවේ සාමාජිකයන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ වගකිව යුතු බවට යෝග්‍ය පරිදි සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.
• ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත්තේ 13(1)(ඇ) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව උල්ලංඝනය වන අතර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයක දී ජනතාව විසින් එය අනුමත කළ යුතු බවටයි. කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශයේ සඳහන් පරිදි එම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වෙනවා.
• 13(1)(ආ) වගන්තියෙහි විවිධාංගීකරණයේ දෙවන අදියරෙහි දී සේවකයින් මාරු කිරීම සහ සේවකයින් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් අන්තර්ගත නොවන බැවින් අපැහැදිලි හා අත්තනෝමතික බවටයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දක්වා ඇත්තේ.
එබැවින් මෙම වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 14(1)(උ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දී තිබෙනවා.
එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශයේ සඳහන් පරිදි එම වගන්තිය සංශෝධන කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇතැයි එම තීරණ දැනුම් දීමේ සදහන්.
• 13(2) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථා උල්ලංඝනය වන අතර එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශයේ සඳහන් පරිදි මෙම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇති බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙනවා.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන)” (එල්. ඩී.- ඕ. 19/2025) සහ “සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන)” (එල්. ඩී. – ඕ. 20/2025) නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ද කථානායකවරයා වෙත ලැබී ඇතැයි පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
එම පනත් කෙටුම්පත්වල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බව දන්වා තිබෙනවා.
“සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පළමුව සරල බහුතර ඡන්දයකින් සම්මත කර නීතියක් බවට පත් වූ පසු මෙම පනත් කෙටුම්පත් සරල බහුතර ඡන්දයකින් සම්මත කර නීති බවට පත් කළහොත් මෙම අනනුකූලතාවය ඉවත් වන බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “සමාගම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධවද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබූ අතර කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් සෑහීමට පත්වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙනවා.
එ බැවින්, S.C. (SD) 19/2025 සහ S.C. (SD) 20/2025 යන පෙත්සම් ඉදිරිපත් කරන ලද පෙත්සම්කරුවන් එම පෙත්සම් ඉල්ලා අස් කර ගැනීමට තීරණය කර ඇති හෙයින්, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අධිකරණය තීන්දුවක් ලබා නොදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තම තීරණය මගින් දැනුම් දී තිබෙනවා.