
ඩුබායි රටට යවන බවට පවසා සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන විදේශ රැකියා ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්
සමාජ මාධ්‍ය එනම් Youtube හා Facebook උපයෝගී කරගෙන වංචනිකව විදේශ රැකියා ජාවාරමක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අනාවරණය කරනවා.
විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ ඩුබායි රජ්‍යෙය් රැකියා ලබාදෙන බව පවසා එරට සේවය කළ පුද්ගලයෙකු විසින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වීඩියෝ ප්‍රකාශ ලබා ගනිමින් තමන් රැකියා සදහා පැමිණියේ අදාළ පුද්ගලයන්ගේ මාර්ගයෙන් බවට ප්‍රකාශ ලබාගනිමින් එම වීඩියෝ ප්‍රකාශන වංචනිකව සකසා ඒවා Youtube හා Facebook හරහා ප්‍රසිද්ධ කරමින් ඔහු මෙම වංචාව සිදුකර තිබෙනවා.
අදාළ සමාජ මාධ්‍යවල මෙලෙස තොරතුරු පළකිරීමෙන් අනතුරුව ඊට හසුවන පුද්ගලයන්ගෙන් මුදල් වංචාකරමින් සිදුකරන මෙම ජාවාරම සම්බන්ධව, ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශය මගින් ඉදිරි විමර්නශන කටයුතු කරගෙන යන අතර මෙම ජාවාරමට හසුවූවන් විසින් කාර්යංශයට පැමිණිලි ද ඉදිරිපත් කර තිබෙනවා.
මෙලෙස ඉදිරිපත්කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර තවදුරටත් ඒ සම්බන්ධව විමර්ෂන කටයුතු සිදුකරමින් සිටින බව විදේශසේවා නියුක්ති කාර්යංශ සදහන් කළා.
විදේශ රුකියා සදහා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමට අවසරය ලබාදී ඇත්තේ බලපත්‍රලාභී විදේශරැකියා නියෝජිතයන්ට පමණක් වන අතර, ඊට අදාළ ප්රචාරක කටයුතු සදහා ද කාර්යංශයෙන් වෙනම අනුමැතිය ලබාගත යුතු වනවා.
එසේ නොකොට බලපත්‍රයක් රහිතව පුද්ගලයන්ගෙන් රැකියා සදහා මුදල් ලබාගැනීම, ප්රචාරක කටයුතු සිදුකිරිම හෝ රැකියාවක් සදහා පිටත් කිරීම කාර්යාංශයේ පනතට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බව විදේශසේවා නියුක්ති කාර්යංශ පැවසුවා.
විගමණික ප්‍රජාව මුළාකරමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මෙවන් ප්‍රචාරණවලට හසුනොවන ලෙස කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එවන් ජාවාරම්කරුවන් සම්බන්ධ තොරතුරු කාර්යංශයට දන්වන ලෙසට ඉල්ලීමක් ද කරනවා.
දුරකථන අංක 1989 හෝ විශේෂ විමර්ශන අංශයේ 0112864123 අංකයට මෙම තොරතුරු ලබාදිය හැකියි.