
මීගමුව – දුන්ගල්පිටිය ප්‍රදේශයේ පොලීස් වෙඩි තැබීමක්
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව දුන්ගල්පිටිය පොලීසියේ කණ්ඩායමක් අද දහවල් දුන්ගල්පිටිය – ලෙල්ලම මාර්ග බාධකය අසල දී පුද්ගලයින් දෙදෙනෙකු රැගත් සැකකටයුතු යතුරුපැදියක් නැවැත්වීමට අණ කර තිබෙනවා.
එම අවස්ථාවේ යතුරුපැදිය පොලිස් අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී ලොරියක ගැටී අනතුරට ලක්වී ඇති බව සදහන්.
එහිදී යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා යළි පලායාමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් නතර කිරීමට පොලීසිය වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකුගේ පාදයට තුවාල සිදුවී ඇති බව සඳහන්.
ඔහු වහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර අනෙක් පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ කටාන අක්කර 50 ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.