ගතවූ මාස 06 ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 1332ක්

ගතවූ මාස 06 ට රිය අනතුරුවලින් පුද්ගල මරණ 1332ක්

මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට ජූලි 01වැනිදා දක්වා කාලය තුළ මෙරට සිදුවූ රිය අනතුරු 1256කින් පුද්ගල මරණ 1332ක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සදහන් කළේ රිය අනතුරු වළක්වාලීමේ අරමුණින් ක්‍රියාත්මක 10වැනි ජාතික අනතුරු නිවාරණ සතිය ලබන 07වැනිදා සිට 11වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

මෙම වසරේ ගතවූ මාස 6 ක කාල සීමාව තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ජනවාරි 1 වැනිදා සිට ජූලි 01වැනිදා දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු 1256කින් පුද්ගලයින් 1332ක් මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පැවසුවා.

මේ හේතුවෙන් රථ වාහන අනතුරු වළක්වාලීමට අදාළ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව මේ වන විටත් ආරම්භ කර ඇති අතර ඒ යටතේ මගී ප්‍රවාහන බස් රථ සේවාවන්හි නිරතවන රියදුරන් ආරක්ෂක බද පටි පැළළ සිටී ද යන්න පිළිබද සොයාබැලීම මෙන්ම රථවාහනවල සවි කර ඇති අනාරක්ෂිත කොටස් ඉවත් කිරීමද සිදුකෙරනවා.

Share This