කහවත්ත ඇවිලී පොලීසිය සහ ප්‍රදේශවාසීන් ගැටෙයි – පොලීසියට ගල් ප්‍රහාර – පොලීසියෙන් කදුළු ගෑස්

කහවත්ත ඇවිලී පොලීසිය සහ ප්‍රදේශවාසීන් ගැටෙයි – පොලීසියට ගල් ප්‍රහාර – පොලීසියෙන් කදුළු ගෑස්

පසුගිය ජූනි 30 වැනිදා රත්නපුර,කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය තරුණයාගේ අවසන් කට‍යුතුවලින් පසුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර අද පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තා.

මෙම නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කදුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළ අතර එම ගැටුමින් පොලිස් රථ කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

පසුගිය දා වෙඩි තැබීමෙන් මියගිය 22 හැවිරිදි ඉමන්ත සුරන්ජිත් තරුණයාගේ අවසන් කටයුතු අද (03) සිදු වූ අතර ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 150 ක් පමණ යොදවා සිටියා.

තරුණයා ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පළන්සූරියගම ප්‍රදේශයේ පදිංචි අමිත් නමැති පුද්ගලයාගේ නිවස ඉදිරි පිටට ප්‍රදේශ වාසීන් පැමිණි අවස්ථාවේ ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ පිරිසක් සැකකරුගේ නිවසේ තිබූ ත්‍රිරෝද රථයකට ගිනි තබා තිබෙනවා.

පසුගිය 30 වැනිදා පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් එක් තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ටාශයට මාරු කළා.

 

 

 

Share This