
කුඩු සළිඳු, ජාත්‍යන්තර පොලීසියෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන වාරණ නියෝගයක් අධිකරණයෙන් ඉල්ලයි
තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වනවිට විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන සලිඳු මල්ශිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද (03) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අදාළ පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා කියාසිටියේ, මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නොමැති බවයි.
පෙත්සම්කරුට විදේශගතව සිටිමින් නීතිඥවරයකු මාර්ගයෙන් මෙවැනි රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බවත්, මෙවැනි පෙත්සම්වලට ඉඩ දුනහොත් නීතියට විශාල අගතියක් සිදුවිය හැකි බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ වරෙන්තුවලට අදාළ රතු නිවේදන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ ජාත්‍යන්තර පොලීසියේ කළමනාකාරිත්වය විසින් බවයි.
මෙරට අභ්‍යන්තර ආරක්ෂක ආයතනවලට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත නොහැකි බවත් සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා යම් මහේස්ත්‍රාත් අධිකරණයකින් වරෙන්තුවක් නිකුත් කළ විට ඒ පිළිබඳ දත්ත දේශීය ආරක්ෂක ආයතන විසින් ජාත්‍යන්තර පොලීසිය වෙත සැපයීම පමණක් සිදුකෙරන බවත් පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති පදනම් විරහිත මට්ටමක පවතින බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.
තම සේවාදායකයා විදේශ ගතව සිටින්නේ ඔහුගේ ජීවිතයට එල්ල වී තිබෙන තර්ජන නිසා බවත් ජීවිත ආරක්ෂාව පතා මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා පැවසුවා.
දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 28 වන දා කැඳවන ලෙස නියම කළා.