
එක්සත් ජනපද නව ආරක්ෂක උපදේශක – මෙරට ආරක්ෂක ලේකම් හමුවේ
කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස නව පත්වීම් ලබා පැමිණි ලුතිනන් කර්නල් මැතිව් හවුස් අද (03) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මුණ ගැසී සාකච්ඡා කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සදහන් කළේ මෙම හමුව අතරතුර, නිලධාරීන් දෙදෙනාම ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම, අනොන්‍යය අවබෝධය වර්ධනය කිරීම සහ දෙරට අතර සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කිරීම ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරමින් සුහද සාකච්ඡාවක නිරත වූ බවයි.
මෙම සංචාරය දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වය සහ කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා වූ හවුල් කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා.
මෙම රැස්වීම ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ උපායමාර්ගික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ දෙරටේම පොදු දැක්ම නැවත තහවුරු කරන අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරිවරයා ද මෙම අවස්ථාවට සහභාගී වුණා.