
ඇතෙක් ගැන දුක හිතෙන කතාවක්
භාතිය ඇතා මේ විදිහට පැත්ත වැටිල මේ වෙද්දි දවස් හතරක් විතර.
ඇතා මෙහෙම පැත්ත වැටිල ඉන්නෙ එයා දැන් ඉන්න වතුර වල එයාට කෙලින් හිටගෙන ඉන්න තරම් ගැඹුරු නැති නිසයි. එයාගෙ කකුලෙ ආබාධය නිසයි, ශරීරය දුර්වල වීම නිසයි, එයාට ආධාරකයක් නැතුව කකුල් වලින් හිටගෙන ශරීරයෙ බර දරාගෙන ඉන්න බෑ දැන්.
හැබැයි එයා තවමත් ක්රියාශීලීයි. තවමත් දවසකට කෑම 150-200kg වලට වඩා කනව එයා.කෑම දෙද්දි එක එක පැත්තට හැරෙනව.
තනියම නැගිටින්න උත්සාහ කරනව.
ඊයෙ වනජීවී එකේ අය බැකෝ එකක් ගෙන්නගෙන එයා ඉන්න වල ටිකක් ගැඹුරු කරා, ඇතාව ඒ වලට අරගෙන කෙලින් කරන්න බලාගෙන.
ඊයෙ වනජීවී පශුවෛද්‍යවරයෙක් ආවෙ නැතිනිසා එයාව කෙලින් කරගන්න බැරිවුනා.ඒ උනත් අද උදේ ඇතාම රූටගෙන ආව ඒ වලට.
ඒත් වල ගැඹුරු මදි එයාට හිටගෙන ඉන්න.වතුර වලේ ඉද්දිම කෙලින් කරත් තේරුමක් නෑ ආයෙමත් වලට වැටෙනව එයා.
කෙලින් කරනවනම් එයාට ශරීරයෙ බර දරාගන්න ආධාරකයක් තියෙන්න ඕනෙ.
අදත් වනජිවී පශුවෛද්යවරෙයෙක් ඇවිත් බෙහෙත් සිරින්ජ කීපයක් ඇතාට ලබාදීල ගියා මිසක් එතනින් එහාට කිසිම දෙයක් කරන්න සැළසුමක් තිබ්බෙ නෑ.
ඇතාව මේ වලෙන් ගොඩට අරන් එයගෙ බර දරාගන්න පුළුවන් විදිහෙ ආධාරකයක රඳවල ආබාදය සහිත කකුලට බර නොදී තියාගන්න පුළුවන්නම් භාතිය ඇතාව සුව කරවගන්න පුළුවන්වෙයි ගොඩක් දුරට.
ඒත් මේ වෙද්දි වනජීවී පශුවෛද්‍ය ඒකකයෙ ඉහළ නිළධාරීන්ට සිද්ධ වෙලා තියෙන්නෙ බලගෙන ඉන්න ඇතා මැරෙන්නෙ කොයි වෙලේද කියල. ඇතාට කරන ප්‍රථිකර්ම ගැන විමසද්දි කියන්න වෙලා තියෙන්නෙ “ඇතාට මේ වෙද්දි ලක්ෂ 5 ක Antibiotics දීල තියෙනව.ඇතා මැරුනත් Body එකවත් කුණු වෙන්නෙ නෑ ” කියන තත්ත්වය ලු.
ඒ තමා සංරක්ෂණය.
ඇතාට තියෙන කකුලෙ ආබාධය මොකක්ද කියලවත් තවම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ අය දන්නෙ නෑ. කකුල Scan කරල බලන්න ලංකාවෙ තියෙන උපකරණ ප්‍රමාණවත් නැත්නම් පිටරටින් හරි ගෙනත් ඒක පරීක්ෂා කරන්න ඕන තරම් කාලය තිබුණා.මොකද එහෙම ගෙනාව කියල ඒව අහකට යන්නෙ නෑනෙ.ලංකාවෙ තවත් මේ වගේ අලි ඕන තරම් ආබාධ වලට ලක්වෙනවනෙ.
ඇතාට එයාගෙ බර දරාගන්න පුළුවන් විදිහට ආධාරකයක් හදන්න කියල ගොඩක් මිනිස්සු ඉල්ලල සිටිද්දිත් ඒ වගේ ආධාරකයක් නොමිලයේ සාදා දීමට මිනිස්සු ඉදිරිපත් වෙලා ඉද්දිත් ඒකට ඉඩ නොදී සතාව මේ විදිහට වතුර වලක මැරෙන්න ඇරල තියෙන්නෙ ඇයි කියන එකත් ප්‍රශ්ණයක්.
එහෙම කරල මේ ඇතාව බේරගන්න බැරිවුනත් ඒ පෙරහුරුව ඉස්සරහට ආබාධයක් වෙන, වෙන අලියෙක් ඇතෙක්ටවත් ප්‍රතිකාර කරද්දි ප්‍රයෝජනවත් වෙන්නෙ නැද්ද? ඒ නිසා හරියන්න හෝ නොවෙන්න ඒ දේත් කරල උත්සාහ කරන කරන එක නෙවේද කළයුත්තෙ?
ගොඩක් දෙනෙක් අපෙන් කතාකරල අහනව ඇතා වෙනුවෙන් මොනවද අපිට කරන්න පුළුවන් කියල. ඇතාට මහව වනජීවී නිලධාරීන් කෑම දෙනව.බලාගන්නව.හැබයි එයාලට එතනින් එහාට දෙයක් කරන්න බලයක් නෑ.