
බේරේ වැව ජලාශ්‍රිත ගුවන් තොටුපළක් වන ලකුණු
ශ්‍රී ලංකා සංචාරක හා දේශීය ගුවන් සේවා කර්මාන්තයට නව ජීවයක් ලබාදීමේ අරමුණින් ජලයේ ගොඩ බස්වන ගුවන් යානා මෙහෙයුම් සදහා උචිත වන පරිදි කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන් තොටුපළක් ලෙස යලි හදුන්වා දීම හා එහි මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැත් වුණා.
මෙම සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ඊට කැමැත්ත පළ කළ පුද්ගලික සමාගමක් සමගයි.
ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර ගුවන් සේවා පවත්වාගෙන යන මෙම ආයතනය ජලයේ පාවෙන ගුවන් යානා මෙන්ම ගොඩබිම හැසිරවිය හැකි ගුවන් යානා සේවා පිළිබද විශේෂඥ සමාගමක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
බේරේ වැව ආශ්‍රිතව මීට පෙර සිදුකළ ජලාශ්‍රිත ගුවන් යානා මෙහෙයුම් වලට අදාල වන් සමස්ත ආරක්ෂාව හා සම්බන්ධ සලකා බැලීම් ,ගුවන් යානා ආරක්ෂිතව ගුවන්ගතවීමේ සහ ගොඩ බැස්වීමේ ක්‍රියාවලිය ,ඇතිවිය හැකි පාරිසරික ගැටළු පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධනය යොමුව තිබෙනවා.