
කදාන, ජාඇල, වත්තල හා රාගම ඊයේ රාත්‍රී සෝදිසි මෙහෙයුමකින් 300 ක් අත් අඩංගුවට
ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය ,ශ්‍රී ලංකා යුද හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඊයේ (4) රාත්‍රියේ කදාන, ජාඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළා.
එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයන් 300 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඊයේ රාත්‍රිය පුරා මෙම හදිසි විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර ජා ඇල, වත්තල, කදාන හා රාගම ප්‍රදේශ මූලික කර ගෙන රථවාහන සෝදිසි කිරීමේ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පැවසුවේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක්රියාවලියෙහි එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
ඉදිරියේදී ද මෙවැනි විශේෂ සෝදිසි කිරීම් දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන අතර එම සෝදිසි කිරීම් සදහා මහජන සහයෝගය අවශ්‍ය බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.