
ටෙක්සාස් ගංවතුරෙන් මිය ගිය ගණන 81 දක්වා ඉහළට
මධ්‍යම ටෙක්සාස් හි ඇති වූ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 81 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
එමෙන්ම තවත් 41 දෙනෙකු අතුරුදහන් වී ඇති බව සඳහන්
බොහෝ මරණ සිදුවී ඇත්තේ කර් ප්‍රාන්තයේ (Kerr County) වන අතර, එහි ගංගා ඉවුරේ ගැහැණු ළමයින්ගේ කඳවුරක් ජලයෙන් යටවී ළමුන් ගණනාවක් ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් වුණා
මරණ වාර්තා වන අනෙකුත් ප්‍රදේශ අතර ට්‍රැවිස් ප්‍රාන්තය, බර්නෙට් ප්‍රාන්තය, විලියම්සන් ප්‍රාන්තය, කෙන්ඩල් ප්‍රාන්තය සහ ටොම් ග්‍රීන් ප්‍රාන්තය ඇතුළත් වනවා