භාතිය හස්තියාට ස්නායු ආබාධ නිසා දුර්වල සෞඛ්‍ය තත්ත්වයක

භාතිය හස්තියාට ස්නායු ආබාධ නිසා දුර්වල සෞඛ්‍ය තත්ත්වයක

මහව පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව වතුර වලක වැටී සිටින භාතිය හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා අද එම ස්ථානයට පැමිණියා.

භාතිය හස්තියා මේ වන විට ආහාර ගැනීම සිදු කළ ද ස්නායු ආබාධ තත්ත්වය හේතුවෙන් තවදුරටත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවයි මහාචාර්ය අශෝක දංගොල්ල මහතා එහිදී සඳහන් කළේ.

මහාචාර්ය පශු වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් අද (10) ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය අධීක්‍ෂණයට පැමිණ සිටි අතර ඇතාට ප්‍රතිකාර කරන පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායමද එම අවස්ථාවට එක්ව සිටියා.

භාතිය හස්ථියාට මෙවන් ඉරණමක් අත්වුයේ වන ජීවී නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් බවටයි ප්‍රදේශවාසීන් ඇතුළු පරිසර සංවිධාන චෝදනා කළේ.

 

Share This