පොල් වගාවේ පළිබෝධ උවදුරු මර්දනය කිරීමට “පොල් දෙසතිය” යාපනයෙන් වැඩ අරඹයි

පොල් වගාවේ පළිබෝධ උවදුරු මර්දනය කිරීමට “පොල් දෙසතිය” යාපනයෙන් වැඩ අරඹයි

පොල් වගාවට හානි කරන සුදු මැස්සා, කළු කුරුමිණියා, රතු කුරුමිණියා, මයිටා ඇතුළු පළිබෝධ උවදුරු මර්දනය කිරීම හා පොල් වගාවට අදාල තාක්ෂණික දැනුම වගාකරුවන් වෙත ලබාදීම සඳහා “පොල් දෙසතිය” නමින් විශේෂ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොල් වගාකිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

එහි පළමු අදියරේ නියමු වැඩසටහන යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද(14 ) සිට 31 දින දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර, එහි සමාරම්භක අවස්ථාව අද යාපනය කොඩිකාමන්හිදී ආරම්භ වුණා.

මෙම වැඩසටහන යාපනය දිස්ත්‍රික්කය තුළ චාවාකච්චේරි, කෝපායි, උඳුවිල්, නල්ලූර්, යාපනය යන ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනවා.

එහිදී, සුදු මැස්සා ගේ හානිය මර්දනය කිරීම සඳහා සබන් කුඩු හා කොහොඹ තෙල් මිශ්‍ර ජලය පොල් අතුවලට ස්ප්‍රේ කිරීම, රතු කුරුමිණි පෙරමෝණ හා පෙරමෝණු උගුල් ලබාදීම, මයිටා පැකට් ලබාදීම, උතුරු පොල් ත්‍රිකෝණය වැඩසටහන සඳහා පොල් පැල ලබාදීම හා ඉඩම් තෝරා ගැනීම, පොහොර ලබාදීම යන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මෙම සමාරම්භක අවස්ථාව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි හා උතුරු පළාත් ආණ්ඩුකාර වේදනායගන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

 

Share This