
සුජිව සේනසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ නීතිවිරෝධීව එකලස් කරන ලද වාහනයේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.
මෙවැනි කටයුතුවලින් දේශපාලනඥයින්ට දේශපාලනය එපාවී ඇති බව ඒ මහතා පවසනවා.
සුජීව මහතා අදහස් දක්වමින් පැවසුවේ ” ප්‍රකාශ දෙන්නේ නෑ කියලා පත්තරවල යනව්වා . බොරු ඒවා. රට දියුණු කරනවා නම් හොඳයි. අපි පස්සේ පැන්නුවා කියලා සංවර්ධනය වෙන්නේ නෑ. ගොඩක් අයට අද වෙනකොට දේශපාලනය එපා වෙලා.”
සුජිව සේනසිංහ මහතා පැය 3ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඉන් පිටව ගොස් තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, තමන් හතරවන වරටත් තමාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් වත්මන් ආණ්ඩුව දේශපාලනයේ නියැලෙන්නන්ව දඩයම් කරන තත්ත්වයකට පත්ව ඇති බවත්ය