
බිත්තර මිල පහළට
සුදු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 28 සිට රුපියල් 26 දක්වාත්, රතු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 30 සිට රුපියල් 28 දක්වාත් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
බිත්තර තොග මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 29ක් වශයෙන් සහ රතු බිත්තරයක් රුපියල් 31ක් ලෙසින් පසුගියදා පැවති මිල තීරණය කිරීමේ කමිටුවේදී ප්‍රකාශයට පත් කර ඇති බව ද ඔහු කියා සිටියා.