
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට
එයාර් ඉන්දියා සමාගම අගෝස්තු 01දා සිට තම ජාත්‍යන්තර ගුවන් ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව නිවේදනය කර තිබෙනවා.
AI171 ගුවන් යානයට ජුනි 12වනදා සිදු වූ අනතුරෙන් පසුව ආරම්භ කළ ‘ආරක්ෂිත විරාමය’ අවසන් කරමින් අදියරෙන් අදියර සේවාවන් නැවත ආරම්භ කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.
අගෝස්තු 01දා සිට තම ජාත්‍යන්තර ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙන මාර්ග කිහිපයක්ද ඔවුන් විදෙස් මාධ්‍යට පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි සම්පූර්ණ සේවාවන් ඔක්තෝබර් 01වනදා සිට යථා තත්ත්වයට පත් කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.