චීනයෙන් රුපියල් මිලියන 5,171 ක පාසල් නිල ඇදුම් ලංකාවට

චීනයෙන් රුපියල් මිලියන 5,171 ක පාසල් නිල ඇදුම් ලංකාවට

2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දී අවසන් බව නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව අද (16) අධ්‍යාපන අමාත්‍යංශයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත් වුණා.

එහිදී 2025 වර්ෂයේ සඳහා අවශ්‍ය මුළු නිල ඇඳුම් අවශ්‍යතාවය ප්‍රදානය කර අවසන් බව දැනුම් දීමට අදාල සහතික පත්‍ර හුවමාරුව සිදු වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්යි ෂියැංහොංග් මහතා අතරයි.

මේ වන විට 2026 වර්ෂය සඳහා ද පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත යොමු කර ඇතැයි අධ්‍යපන අමාත්‍යාංශය සදහන් කළා.

2023 සහ 2024 වර්ෂවල චීන රජය පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අපගේ ජාතික අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් ලබා දී ඇති අතර, 2025 වර්ෂයේ සම්පුර්ණ නිල ඇඳුම් අවශ්‍යතාවයම මෙරට දරුවන්ට ලබා දීමට කටයුතු කර තිබෙනවා.

 

Share This